ගුවන් තොටින් මතු වූ කොකෙන්

කටුනායක ගුවන් බඩු ගම්මානයේ ෆිට්ස් එයාර් කූරියර් සේවය හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් අත් අඩංගුවට ගැනීමට රේගු නිවාරන අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් සමත් වුනා.

කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ මෙම පාර්සලයේ අඩංගුව තිබූ විදුලි උපකරනයක සූක්ශමව සඟවා තිබී මෙම මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් සැක පිට මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 24ක් වන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිශ්කාශන නියෝජිතයෙකු සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75 කට තක්සේරු කර තිබෙනවා.
වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතයි.
චායාරූප පහතින්.

What's your reaction?

Related Posts

1 of 687

Leave A Reply

Your email address will not be published. Required fields are marked *