ගෙදර නිල් චිත්‍රපට සාදා පිටරට විකුනු පුද්ගලයන් අත්අඩංගුවට

ලිංගික දර්ශන සජීවීව විකාශය කර චීන සමාගමකට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

පිළියන්දල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි තරුණ යුවල දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම අඹුසැමි යුවළ පසුගිය මාර්තු මාසයේදී එම නිවස කුලියට ගෙන ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත.

පොලිසිය වටළන අවස්ථාවේ තවත් අඹුසැමි යුවලක් එහි සිට ඇති අතර ඔවුන්ද මෙම ජාවාරමට සෘජුව සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

අවුරුදු 22, 23, 26 සහ 27 යන වයස්වල පසුවන මෙම ජෝඩු දෙක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *