චන්ද්‍රිකා ගැන හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට අයිතියක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද (09) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ අදහස් පළ කළා.

එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙවැනි අදහසක්.

”එතුමිය පක්ෂයෙන් ගියපු අවස්ථා තියෙනවා. වෙන පක්ෂ හදපු අවස්ථා තියෙනවා. එතුමිය නැවත ඇවිල්ලා තියෙනවා. එතුමියට අයිතියක් තියෙනවා නැවත පක්ෂය ගොඩනගන්න ”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *