චීනයට සල්ලි ප්‍රශ්නයක්

චීනයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක රැකියා කප්පාදුව සහ වැටුප් කප්පාදු කිරීම් සම්බන්ධයෙන් පුවත් නිරන්තරයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම තත්ත්වයන් සඳහන් කරමින් එම මාධ්‍ය වාර්තා පවසන්නේ, චීනයේ ආර්ථිකය අවපාතය වාර්තා ගත ලෙස ඉහළ යමින් ඇති බවයි.

බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවක හිඟ වැටුප් පවත්වා ගෙන යාම හා සේවක කප්පාදුව සිදු කරමින් ඇති පසුබිමක මෙම ගැටළු මූල්‍ය හා බැංකු පද්ධතියට ද බලපාන බව ද හොංකොං පෝස්ට් පවසනවා.

සේවකයින්ට ගෙවිය යුතු වැටුප් ලබා නොදී සේවයෙන් පහකිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැයි ද සඳහන් කරන එම මාධ්‍ය වාර්තා පවසන්නේ, චීනයේ ඇතැම් බැංකු ගිණුම් හිමියන්ට තම මුදල් ආපසු ගැනීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර, චීනයේ බොහෝ බැංකු සහ සුරැකුම්පත් ආයතන සහ සමාගම් සේවක වැටුප් කප්පාදු කර ඇති බව වාර්තා වනවා.

එසේම චීනයේ ඇතැම් සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සේවයෙන් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව පෙන්වන එම මාධ්‍ය වාර්තා එරට ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් සඳහන් කරන්නේ, වැටුප් කප්පාදුව ආර්ථික අවපාතයක නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකයක් වනු ඇති බවයි.

ඒ, ඔස්සේ චීන ආර්ථිකයේ විශාල බරක් දරණ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කළ හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ඇතැමුන් යෝජනා කරන්නේ මෙය ෂී ජින්පින්ග් රජය විසින් මූල්‍ය අංශයේ ඉහළ වැටුප් මර්දනය කිරීම සඳහා අනුගමනය කරන උපක්‍රමයක් විය හැකි බවයි.

එහෙත් ඒ සඳහා භාවිතා කරන ක්‍රම දෝෂ සහිත බවත් අවසානයේ චීන ආර්ථිකයට හානි කළ හැකි බවත් ආර්ථික විශේෂඥයින් අනතුරු අගවා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *