චීනයේ විවාහ ලියාපදිංචි පහළ ගිහිං

පසුගිය වසරට සාපේක්ෂව චීනයේ විවාහ වන සංඛ්‍යාව 2024 පළමු මාස ​​නවය තුළ මිලියන 1කට ආසන්න ලියාපදිංචියකින් පහත වැටී ඇති බව එටර නිල සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට හේතුව ලෙස එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ආර්ථික පීඩනය සහ විවාහය පිළිබඳ ආකල්ප වෙනස් වීම ලෙසයි.

සැප්තැම්බර් 30න් අවසන් වූ කාර්තු තුන තුළ චීනය තුළ විවාහ මිලියන 4.747ක් ලියාපදිංචි කර ඇති අතර එය වසරින් වසර ගත් කළ 943,000ක අඩුවීමක් බවයි පැවසෙන්නේ.

මේ අතර 2023ට අදාළ චීන සංඛ්‍යාලේඛන අනුව පසුගිය වසර නවය තුළ පළමු විවාහ 56% කින් පමණ පහත වැටී ඇති අතර මෙම ප්‍රවණතාවය, වයස්ගත ජනගහනයක් මධ්‍යයේ උපත් අනුපාත තියුණු ලෙස පහත වැටීමට දායක වී තිබෙන බවත් එම මාධ්‍ය වාර්තා පවසනවා.

තරුණයින් වැඩි වැඩියෙන් විවාහය, දරුවන් ලැබීම සහ නිවසක් මිලදී ගැනීම වැලැක්වීමට හේතුව චීනයේ ආර්ථික අර්බුදය බව සඳහන් කරන එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, පවතින තරුණ විරැකියාව මධ්‍යයේ තරුණ තරුණියන් විවාහයක් පිළිබඳ සිතීමට මැලිකමක් දක්වන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *