ඡන්ද පැමිණිලි 337ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 337ක් මේ වන විට මැතිවරණ කොමිසමට වාර්තා වී තිබෙනවා.

මෙම පැමිණිලි පසුගිය ජූලි 01 සිට අගෝස්තු 11 දක්වා ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ.

ඊයේ දිනයේදී පමණක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 6ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 11ක් ලැබී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *