ජන ගඟක් ගැලූ සමගි කටුනායක රැළියේදී සජිත්ගෙන් සුවිශේෂී පොරොන්දුවක්

පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉහළම විනිවිදභාවයකින් යුතුව විදෙස් විමර්ශකයින්ද යොදා ගනිමින් විමර්ශනයක් කර එහි මහමොළකරුවන් සොයා ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ කටුනායක පැවැති ජන හමුවක් අමතමින්.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් අද (21) පස්වරුවේ කටුනායක නගරයේදී පැවැත්වුණා.

රැළියට එක්වූ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *