ජන ගඟක් මැද වවුනියාව ජන රැලියේදී රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කරන බව සජිත් කියයි

රටට බරක් නොවන රාජ්‍ය සේවය තම රජයක් යටතේ තවදුරටත් ශක්තිමත් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ වවුනියාව ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමින්.

ඉදිරි ජනාධිපතිවරණයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් වවුනියාවේදී පැවැත්වුණා.

ඒ, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දැක්වූ , හුනෙයිස් ෆාරුක් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

2024 ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් කරගන්න කියලා ඉල්ලනවා.

මං ඔබලා සියලු දෙනාගෙන්ම අල්ලා දෙවියන්ගේ නාමෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්න තමිල් ආරසු පක්ෂයේ නායකයින් සියලු
දෙනාම එක හඬින් සජිත් ප්‍රේමදාසට සහය දෙන්න තීරණය කිරීම කියන්නේම එතුමාගේ ජයග්‍රහණය ස්ථිර කිරීමක් කියලා. මම කියන්න කැමතියි ඉදිරියේ මේ රටේ ජනාධිපති සජිත් ප්‍රේමදාස තමයි කියලා මම ඔබට කියන්න කැමතියි.

එම රැලියේදී අදහස් දැක්වූ රිෂාඩ් බදියුද්දීන්

අද ඔබ සියලු දෙනා මෙතනට ඇවිල්ලා ඉන්නේ අපි කිසි දෙයක් දීලා..නෑ…. ඔබේ කැමැත්තෙන්. ඔබට පුළුවන් විදිහට අද ඔබලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මේ කාලයේ තනතුරු තානාන්තර දිගට හරහට අලෙවි වෙනවා කියලා ඔබ දන්නවා. ඒ මොනවා කොහොම සිද්ධ වුණත්, අල්ලා දෙවියන්ගේ පිහිටෙන් 21 වෙනිදාට මේ රටේ ජනාධිපතිධුුරයට පත්වෙන්නේ සජිත් ප්‍රේමදාස විතරයි කියලා මං ඔබට ප්‍රකාශ කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *