ජනඅරගල සංධානයේ පාර්ලිමේන්තු අපේක්ෂක නුවන් බෝපගේ මහතා අද දෙමටගොඩ මිහිඳුසෙත් පුර නිවාස සංකිරණයේ චන්ද පත්‍රිකා බෙදීමට සහභාගි විය

ජනඅරගල සංධානයේ පාර්ලිමේන්තු අපේක්ෂක නුවන් බෝපගේ මහතා අද දෙමටගොඩ මිහිඳුසෙත් පුර නිවාස සංකිරණයේ චන්ද පත්‍රිකා බෙදීමට සහභාගි වෙමින් මාධ්‍ය අදහස් දක්වා මේ බව ප්‍රකාශ කරා

නව ආණ්ඩුව ප්‍රශ්න වලට විද්‍යාත්මකව විසඳුම් සොයනවා වෙනුවට පරණ පුරුදු ආණ්ඩුවල විසඳුම තෝරමින් සිටින බව ජන අරගල සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නුවන් බෝපගේ මහතා පවසනවා
අද උදෑසන දෙමටගොඩ මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණයේ අත්පත්‍රිකා බෙදීමකට එක්වෙමින් මාධ්‍ය වෙත මේ අදහස් පළ කරා

වැඩිදුරටත් අදහස් පලකර නීතිඥ නුවන් බෝපගේ මහතා..

අලුත් ආණ්ඩුව පත් වෙලා මාසයයි ජනතාව බලාපොරොත්තු වුණේ තාප්ප කඩන එකවත් imf එක හම්බවෙන එකවත් , තානාපතිවරු හම්බ වෙන එකවත් ලෝක බැංකුව හම්බවෙන එක වත් නෙමෙයි.

පාස්පෝට් එකේ වර්ණය වෙනස් කිරීම නෙමෙයි පුනරුදය මේක අවාසනාත්මක තත්ත්වයක්

ජනතාවගේ අභිමතාර්ථ නෙමෙයි ඉෂ්ට වෙන්නේ. සංදර්ශන විතරයි

මේ නිවාස සංකීර්ණවල ඉන්නේ මාසෙට විදුලි ඒකක 60 වඩා අඩුවෙන් පාවිච්චි කරන කට්ටිය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන් විදුලිය කපලා තියෙන්නෙ

මේවට විද්‍යාත්මක විසඳුම් හොයන්නැතුව එක එක්කෙනාට බනිමින් අවලාද නගමින් ඉන්නවා

විපක්ෂයත් මේ වෙලාවේ කරන්නේ පරණ පුරුදු පාස්කු ප්‍රහාරය ඇදගෙන දේශපාලන වාසි ලබාගන්න බලන එක.

අපි ජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලන්නේ ජනතාව වෙනුවෙන් සැබෑ ලෙස සටන් කරන විපක්ෂයක් ගොඩනගන්න කියලා ඒකටයි අපි එලියට බැහැලා තියෙන්නේ.

ජාතික ජන බලවේගය විපක්ෂයේ ඉන්නකොට ෆයිල් තොග ගණන් පෙන්නුව වංචා දූෂණ සම්බන්ධව

ජනතාව ඡන්ද දුන්නේ එක අරමුණක් තමයි මේ වංචා දූෂණ කරපු කට්ටිය අල්ලන්න

දැන් ජොන්ස්ටන්ටව අත්අඩංගුවට අරන් තියෙනවා ඒ ඔහු අවුරුදු ගණනාවක් පුරාවට කරපු වංචා දූෂණ වලට නෙමෙයි වාහනයක් සම්බන්ධ කාරණාවකට.

ජනතාවගේ වත්කම් මංකොල්ල කාපු අය බදු සහන ගත්ත අය දැන් මේ ආණ්ඩුවේ තනතුරු අරන් තියෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව තීරණ නොගත් අය පොලිසි වල මුල් පුටුවලට දාලා තියෙනවා

මේ වෙනකොට පොල් මිල වැඩිවෙලා එළවළු වල මිල ඉහළ ගිහිල්ලා ජනතාවගේ ජීවන මිල වැඩිවෙලා

අපිට පෙනෙන කාරණාව තමයි පෝලිම් යුගය නැති කරන්න පත් කර ගත්තු ආණ්ඩුව දැන් ජනතාවට සිදුවෙලා තියෙනවා පොල් පෝලිම් වල ඉන්න

මේවට අවශ්‍ය විද්‍යාත්මක ස්ථීර සිදුන් නැතුව පරණ පුරුදු සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් පොල් ලොරිවලින් ගෙනල්ලා බෙදන්න පටන් අරන්

සහල් මාපියාව මෙහෙයවන කට්ටිය තමයි Npp එකේ චන්දෙට මුදල් වියදම් කරේ ඉතින් මේ මාපියාව නැති කරන්න පුළුවන් වෙයිද මොකද npp එක මෙයායාත් එක්ක සමීපව වැඩකරනවා…

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *