ජනතා බලාපොරොත්තු වෙනුවෙන් තවදුරටත් පෙනී සිටිනවා

ජනතා බලාපොරොත්තු වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ අම්පාර ප්‍රදේශයේ ඉදිකළ නව නිවසට ගෙවැදීමේ අවස්ථාවට එක් වෙමින්.

2022 වසරේ අරගලය පැවැති සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහගේ අම්පාර ප්‍රදේශයේ නිවසට ගිනි තැබුණු අතර ඉන් නිවසට දැඩි අලාභහානි ද සිදුවුණා.

මන්ත්‍රීවරයා එම භූමියේම ඉදිකළ නව නිවසට ගෙවැදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ සිදුකෙරුණා.

එහි දී ඊයේ දිනට යෙදී තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය ද සමරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *