”ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා”

ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඊයේ හමු වූ අවස්ථාවේදීයි.

මෙරට සංචාරයක නිතර නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක Gerry Brownlee ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වසර ගණනාවක් පුරා පැවැති මිත්‍රත්වය ඉදිරියටත් පවත්වා ගෙන යාමට සිය මිත්‍රත්වයේ දෑත දිගු කරන බවයි එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත්තේ.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික පසුබෑම සහ බංකොළොත්භාවය සම්බන්ධයෙන් පැහැදිලි කළ විපක්ෂ නායකවරයා, බංකොළොභාවයෙන් ගොඩ ඒම සඳහා තමා සතු වැඩපිළිවෙළ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමුවේ පැහැදිළි කර තිබෙනවා.

එසේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන ඡන්ද බලය අහෝසි කර මැතිවරණ දිගින් දිගටම කල් දමමින් රජය කටයුතු කරන ආකාරය පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කැපවන බව ද එහිදී සදහන් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *