ජනපති, IMF හමුවේ දී වුණ දේ විජිත පහදයි

ඉකුත් දා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර පැවති සාකච්ජාව සංකල්පීය මට්ටමේ සාකච්ජාවක් පමණක් බවත්, එහි දී ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව සාකච්ජා නොවුණු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, නව රජය ලෙස ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සාකච්ජා කළ නමුත් ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ සාකච්ජා වන්නේ නිලධාරී මට්ටමේ සාකච්ජාවේදී බවයි.

ඒ අනුව අදාළ සාකච්ජාව මෙම මස අගභාගයේ දී පැවැත්වීමට නියමිත අතර ඊට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, මහ බැංකු නිලධාරීන් මෙන්ම ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් ද සම්බන්ධ වන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා එහි දී සඳහන් කළේ.

තව ද අදාළ සාකච්ජාවේ දී අවශ්‍ය හරයාත්මක වෙනස්කම් ගැන සාකච්ජා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටියා.

කෙසේවෙතත් ජනතාව පීඩාවට පත්ව තිබෙන ඇතැම් බදු වැඩිකිරීම් ගැන ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පවසා තිබෙන අතර ඉදිරියේ දී අදාළ වෙනස්කම් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *