ජනපති මැදුරට අයුතු ඇතුළු වීමේ සිද්ධියේ නඩුව නොවැම්බර් 27 යළි කැඳවයි

2022 වසරේ ජුලි 09 වනදා ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළු වීමක් කළ සිද්ධියට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන නොවැම්බර් මස 27 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද (08) නියෝග කළා.

මෙම නඩුවට අදාළව සැකකරුවන් 76 දෙනෙක් ඇප මත මුදා හැර තිබෙනවා.

එදින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක් කෝටි 78 ලක්ෂ පනස් දහසක මුදලට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *