ජනපතිගේ නව උපදෙස්

රුසියාව, යුක්රේනය ඇතුළු රටවල කුලී හමුදාවන්ට මෙරට ආරක්ෂක අංශවල සාමාජිකයන් යැවීමේ ජාවාරමට වැට බැඳීමට රටේ පවතින නීතිය ප්‍රමාණවත් නොවන බැවින් වහාම නීති සංශෝධනය කර නව නීති සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ මොහොතේ ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.
සංචාරක වීසා මගින් රුසියාව හා යුක්‍රේනයට ආරක්ෂක අංශ සාමාජිකයන් යෑම වැළැක්වීමට පවතින නීති ප්‍රමාණවත් නොවන බව ජාතික ආරක්ෂක කවුන්සලේදී අනාවරණය වීමෙන් පසු ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දී ඇත.

“හියුමන් ට්‍රැෆිකින් යටතේ මෙම ජාවාරමට වැට බැඳීමට නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී වින්දිතයාම පැමිණ පැමිණිලි කළ යුතු වන අතර, දැනට වින්දිතයන් රුසියාවේ සටන් පෙරමුණුවල හා රෝහල්වල හිරවී සිටින නිසා එම නීති ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් ඇතැයි විමර්ශන නිලධාරින් පෙන්වා දී ඇත.

දැනට මේ සම්බන්ධව වින්දිතයන්ගේ දෙමව්පියන් පැමිණිලි ඉදිරිපත් කර ඇතත් එය නිත්‍යානුකූලව ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. දැනට රුසියාවේ සිරවී සිටින හමුදා සාමාජිකයන් වට්ස් ඇප් මගින් ලබා දෙන ප්‍රකාශ පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමට ගත නොහැකි නිසා ඒවා පැමිණිල්ලක් ලෙස ගත හැකි අයුරින් නීති සංශෝධනය කිරීමට වහාම කටයුතු කළ යුතු බව මෙහිදී සාකච්ඡා වී තිබේ.

මේ අනුව වහාම නීති සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *