ජනපතිවරණයට පොහොට්ටුවේම අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ, පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වූ
අවස්ථාවේදීයි.

ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණේ සහාය ඉල්ලා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ලිපියට මෙහිදී එකඟතාවක් පළ වී නොමැති බව ද වාර්තා වනවා.

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කිරීමත් සමඟ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ දැඩි කතා බහක් නිර්මාණය වුණා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවට කිහිපයක් පැවැති අතර එම සාකච්ඡා අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට අද (29) එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය, පක්ෂ නායක සහ හිටපු
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී රැස් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *