ජනාධිපති ජෝ බයිඩන් ජනපතිවරණයෙන් ඉවත් වෙයි

“එය මගේ පක්ෂයට සහ රටේ යහපතට හේතු වේ” යැයි පවසමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජනධිපතිවරණයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව මීට මොහොතකට පෙර නිවේදනය කරනු ලැබුවා

පසුගිය ජූනි මස අවසානයේ රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විවාදයකින් අනතුරුව ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ දැඩි විරෝධයක් ඔහුට එල්ල වුණා.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ ජනාධිපති ධුරයට පත්වීම තම ජීවිතයේ ලද ලොකුම ගෞරවය බවයි.

එමෙන්ම, එහි ඔහු සඳහන් කර ඇත්තේ “නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වී ඇති නමුත්, මා ඉන් ඉවත් වී මගේ ධූර කාලය තුළ ජනාධිපති ලෙස යුතුකම් ඉටු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම මගේ පක්‍ෂයේ සහ රටේ යහපතට හේතු වන බව මම විශ්වාස කරමි.” යනුවෙන්.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස් අනුමත කරන බව නිවේදනය කරයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *