ගාලු කොටුවේ ඇති සියලු රජයේ කාර්යාල ඉවත් කර ඒවා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ ‘සෙරින් රිවර් පාර්ක්’ පාරිසරික උද්‍යානය මාර්තු 13 පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් කල ප්‍රකාශය සම්භන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව අදහස් කළා ..
“රටේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමටනම් වසර පහක, දහයක්වත් සැලසුමක් තියෙන්න ඕනේ.ජනාධිපතිවරයාට එහෙම අදහසක් නෑ .ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණය මේකට හොදම නිදසුනක්.”
ඔහු වැඩිදුරටත් සදහන් කලේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර අනුගමනය කල රටට පලදායි නොවන තීරණ හේතුවෙන් රට අගාධයට පත් වූ බවයි .
“ගෝඨාභය රාජපක්ෂ තීරණ ගත්තේ රනිල් වගේම තමයි .පාරේ යනකොට දැකපු දේවලින් ඔහු තීරණය කළා පොහොර ගෙන්වීම නවත්වන්න ඒත් අන්තිමේ රටට මොකද වුණේ “
වර්තමාන ජනාධිවතිවරයා සදහන් කරන වගකීම් විරහිත ප්‍රකාශ වලට අදහස් දැක්වීම ද අණුවන ක්‍රියාවක් බවයි නලින්ද ජයතිස්ස මහතා වැඩි දුරටත් සදහන් කළේ .