ජනාධිපතිවරණයට අනුරත් ඇප මුදල් බඳියි

ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

එම බලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, නීතීඥ සුනිල් වටගල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ඇතුලු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ මෙලෙස ඇප මුදල් තැන්පත් කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

ඒ අනුව, සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 18 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විජයදාස රාජපක්ෂ, බත්තරමුල්ලේ සීලරතන හිමි, සිරිතුංග ජයසූරිය, ASP ලියනගේ, ඕෂල ලක්මාල් සහ සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් මේවන විට ඇප තැන්පත් කර ඇති බව සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *