ජපාන විදේශ කටයුතු ඇමතිනිය ලබන මස දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු ඇමතිනි යෝකෝ කමිකාවා ලබන මස මුල දිවයිනට පැමිණීමට නියමිතයි.

ආරංචි මාර්ග සඳහන් කළේ ඇය මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

එමෙන්ම ඇය කොළඹ වරායද නිරීක්ෂණය කිරීමට එක්වනු ඇති.

ඇයගේ මෙම සංචාරයේදී ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තාවන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *