ජාත්‍යන්තර බැදුම්කර හිමියන්ගෙන් කරුණු 2 කට එකඟතාව

රජය සහ පෞද්ගලික ණය හිමියන් අතර පසුගිය මාසයේ ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවලදී කරුණු 2ක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වූ බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ප්‍රකාශ කළා.

ඉතිරි කරුණු 2 සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම සදහා යළි සාකච්ඡා කරන බවයි ජනාධිපති කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එම කටයුතු ජුනි මාසයට පෙර අනිවාර්යෙන්ම අවසන් කරන බව සඳහන් කළ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා, පෞද්ගලික ණය හිමියන් සමග සාකච්ඡා කිරීම යනු ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් බව සඳහන් කළා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කියා සිටියේ ද්වීපාර්ශ්වික ණය හිමියන්ගෙන් සමන්විත නිල ණය හිමියන්ගේ කමිටුව සමග පැවති සාකච්ඡාද සාර්ථක බවයි.

එසේම චීනය සමග ද සාර්ථක සාකච්ඡා වටයක් පැවැත්වූ බව ඔහු සඳහන් කළා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් හීදි අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳව ඵලදායී සාකච්ඡවක නිරතවීමට සූදානම් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ හවුල්කාරීත්වය සහ සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩා දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කරගැනීමට අවශ්‍ය පසුබිම මෙම සමුළුව මගින් සැකසෙනු ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *