ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය ලෙස Mohammed Mulaffar Mohammed Muneer මහතා වැඩ භාර ගැනීම අද දින (28) රාජගිරිය ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසුව සර්ව ආගමික වතාවත් පවත්වා ඉදිරි රාජකාරී කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ආශිර්වාද ලබාදීමද සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අතිරේක ලේකම්වරුන් වන P. Kuganathan, රෝහණ හපුගස්වත්ත, ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් කාර්ය මණ්ඩලය සුභ පතන්නන් සහභාගි විය.
කෙටි උත්සවයෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය Mohammed Mulaffar Mohammed Muneer මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වනු ලැබීය.