ජාතික ජන බලවේගය සජිත්ව ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන ජෝන්ස්ටන් කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අරගල සමයේදී ඝාතනය කිරීමට ජාතික ජන බලවේගයේ සැලසුමක් ක්‍රියාත්මක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවැති උත්සවයකදීයී.

2022 වසරේ අරගල සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පිහිටි පක්ෂ කාර්යාලයට ගිනි තැබුණු අතර ඉන් පක්ෂ කාර්යාලයට දැඩි අලාභහානි සිදුවුණා.

එම භූමියේම ඉදිකළ නව පක්ෂ කාර්යාලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අද විවෘත කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *