සජිත් ප්‍රේමදාස ිවිපක්ෂ නායක
අද විපක්ෂ නායක කාර්යාලයේදී මහනුවර දිස්ත්‍රික්ක අපේක්ෂකයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා එක්ව සිටියා
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ
තිස්ස අත්තනායක මහතා කියා සිටියේ
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් තමා ඉල්ලා නොසිටි බවයි.
සජිත් ප්‍රේමදාස මහතා ද මෙහිදී අදහස් දැක්වූවා
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පත්කිරීම පිළිබඳව මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ තවත් එයට කාලයක් අවශ්‍ය බවයි.
ජාතික ලැයිස්තුවෙන් ඉල්ලන පරාජය වුණු මන්ත්‍රීවරු පිටිපස්සේ තියෙන්නේ ඉතාම සංවේදී කතාවක්. හොඳට කල්පනා කරලා අපි තීරණයක් ගන්න ඕනේ.
අපි හැකි ඉක්මනින් ඒ ප්රශ්නය විසඳගන්නවා.
වර්තමාන ආණ්ඩුව වේදිකාවේ කියපු දේවල් නෙවෙයි කරන්නේ. ජනතාව රවට්ටලා කියලයි අපිට තේරෙන්නේ. තෙල් මිල අඩු කරනවා කිව්වා විදුලි බිල අඩු කරනවා කිව්වා ඒත් කිසිම දෙයක් තවමත් අඩු කරලා නෑ. මේ සම්බන්ධව රජය ජනතාවට කරුණු දක්වන්න ඕනේ.
ආණ්ඩුව ගන්න ජනතාවට බොරු කිව්වා.
දැන් කියනවා අයි.එම්.එෆ් එකත් එක්ක යන්න ඕන කියලා.
හර්ෂද සිල්වා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධවද අදහස් පළ කළා. අපි කුහක නෑ තමයි නමුත් ජනතාවට බොරු කරන්න හොඳ නෑ.