ජීවන් තොන්ඩමන්ගෙන් ප්‍රශ්න කිරිමට පොලිසියට නීයෝග

අධිකරණයට ඉදිරිපත් වූ අමාත්‍ය ජීවන් තොන්ඩමන් සැකකරුවෙකු හැටියට බාර නොගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකර අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන්න පොලිසියට නියෝග.
පීඩෘ වතුයායට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධව මෝසමක් මගින් අධිකරණය වෙත ඉදිරිපත් වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහේස්ත්‍රාත් තුමිය විසින් අමාත්‍යවරයා සැකකරුවෙකු ලෙස භාර නොගෙන නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි 01 වෙත මේ සම්බන්ධව විමර්ශන සිදුකර 2024.08.26 දිනට කරුණු වාර්තාව කරන ලෙසට නියෝග කර ඇත.
මෙම නියෝගය ලබා දී ඇත්තේ නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දනී මෙනවිය විසිනි ,
ඉකුත් මැයි මස 30 වන දින කැලණිවැලි වතු සමාගමට අයත් නුවරඑළිය පීඩෘ තේ කර්මාන්ත ශාලාව තුළට අනවසරයෙන් බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස ඉකුත් 22 වෙනි දින නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් ජයමිණි අභගහවත්ත මහතා පොලීසියට නියෝග කිරීම සමග අදාලා සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස වතු අධිකාරියේ පාර්ශවයේ නීතිඥවරුන් විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් නම් කල ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් අද (29) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කර සිය නීතිඥවරුන් සමග ඉදිරිපත් විය ,
මෙලෙස අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා අධිකරණය වෙත ඉදිරිපත් වීමට නුවරඑළිය අධිකරණ සංකීර්ණය වෙත පැමිණෙන අවස්ථාවේදී ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාන්ඩි රාමේශ්වරන් මහතාද පැමිණි අතර රාමේෂ්ස්වරන් මහතා පසෙකට වී ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් සමග ඔහුගේ ආරක්ෂකයන්ද සමග අමාත්‍යවරයා අධිකරණ සංකීර්ණය වෙත කැඳවාගෙන යාමක් දක්නට ලැබිණ .

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *