ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුනු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.61ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් තීන්දුව ලබා දුන්නා.

2021 වසරේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.61 ක් සන්තකයේ ලබාගෙන සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් පසුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව මෙම දඩුවම් ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *