ටිරාන් කියු දේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය විවෘත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සිදුවුණා.

නවීන පහසුකම්වලින් සමන්විත මෙම කාර්යාලය මගින් ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව මෙන්ම විදේශ ගමන් බලපත්‍ර සඳහා ඇඟිලි සලකුණු ලබාගැනීම ද සිදුවනවා.

එමෙන්ම එහිදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් පැවසුවේ තමන් ගන්නා තීරණ සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව තමා සමග සාකච්ඡා කළ හැකි බවයි.

තමන් සමග සාකච්ඡා නොකර විවේචන එල්ල කළ පමණින් සිය තීරණ වෙනස් නොකරන බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *