ටීෂර්ට් එකට ගෙල සිරවීමෙන් පුද්ගලයෙක් මරුට

මී ගසක අතු පාහිමින් සිටි පුද්ගලයෙක් එම ගසෙන් ඇද වැටී ඇඟලාගෙන සිටි ටීෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් තිබෙනවා.

වාරියපොල, කෝන්ගොල්ල ප්‍රදේශයේ ගොවියකු මෙසේ මියගොස් ඇති බවයි වාරියපොල පොලිසිය පවසන්නේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ ඩබ්ලිව් .එච්.සිරිපාල නැමැති 62 හැවිරිදි දෙදරු පියෙක්.

මොහු සිය කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටියදී පය ලිස්සා වැටී තිබෙනවා.

ඒ අවස්ථාවේ ඔහු ඇඳ සිටි ටීෂර්ටය ගහේ අත්තක පැටලී තිබෙන අතර එහිදී ගෙල සිරවීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

අනතුරුව එම ස්ථානයෙන් ගිය අයෙක් මොහුගේ සිරුර මී ගසේ අත්තක එල්ලී තිබෙනු දැක අසල්වැසියන්ට දන්වා තිබෙනවා.

ඒ අනූවයි ඔවුන් මේ පිලිබදව වාරියපොල පොලිසියට දැනුම්දී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *