ටෙනිස් තරුව සහ විලාසිතා නිරූපකාවක් වන ලී පෙරිකොලී (Lea Pericoli) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඇය වයස අවුරුදු 89 දී පසුවුණා.

1950 සහ 60 දශකයේදී ඇය බොහෝ සෙයින් ජනප්‍රිය වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තම රටේ ප්‍රමුඛතම ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන ඇය ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනා අතරට දෙවරක් ද විම්බල්ඩන් ශූරතාවලියේ තුන් වතාවක් ද ජයග්‍රහණය කර තිබුණා.

ඇගේ මලල ක්‍රීඩා ජයග්‍රහණ වලට ඉහළින්, පිහාටු සහ ලොම් වලින් සැරසුණු පෙරිකෝලිගේ තරඟ ඇදුම් ඇය විලාසිතා නිරූපකයක් බවට ඉන්පසුව පත් කෙරුණා.

1935 මාර්තු 22 වැනි දින මිලානෝ හි උපත ලද ඇය පසුව ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක් සහ මාධ්‍ය වේදිනියක් බවට පත් වී තිබෙනවා.

ඉතාලි ටෙනිස් සහ පෑඩෙල් සම්මේලනයේ සභාපති ඇන්ජලෝ බිනාගි ප්‍රාදේශීය මාධ්‍ය වෙන පවසා ඇත්තේ ඇය අප සැමට තරමක් මවක් හා සමාන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *