ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කරමින් CIDයෙන් අධිකරණයට වාර්තාවක්

රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයා වෙත භාරදී තිබෙනවා.

මීට දින තුනකට පෙර ඇය තමන් වෙත එය භාරදුන් බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය කියා සිටියේ.

පසුගියදා ඩයනා ගමගේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

එමෙන්ම ඇයට විදේශ ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *