තණමල්විල සිසුවියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනාට ඇප

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය භාර ගුරුවරියන් දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඔවුන් අද (14) වැල්ලවාය මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරීමටයි.

සිද්ධියට අධාර අනුබල දීමේ චෝදනාව මත ඊයේ (13) පස්වරුවේ මෙම සැකකරුවන් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

What's your reaction?

Related Posts

1 of 425

Leave A Reply

Your email address will not be published. Required fields are marked *