තරුණයෙකු ගුවන් තොටුපලේදී කළ විවේචනය පිටුපස ඇති දේශපාලන හස්තය දන්නවා

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම සම්බන්ධයෙන් තරුණයෙකු ගුවන් තොටුපලේදී කළ විවේචනය පිටුපස ඇති දේශපාලන හස්තය පිළිබඳව තමන් දන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ තරුණයාට එරෙහිව මෙවැනි කටයුත්තකදී සිදුකෙරෙන නීතිමය කටයුතු සිදු කෙරෙන බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මෙම වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් පැනනැගුණු බවයි වාර්තා වන්නේ.

එහිදී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නව වීසා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

එහි සංශෝධන සිදු නොවන්නේනම් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවද හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හරීන් ප්‍රනානදු අමාත්‍යවරයාගේ ප්‍රකාශවලට පිළිතුරු ලබා දී තිබුණා.

පසුව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ විදේශිකයින් මෙරටට පැමිණීමේදී දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ අමෙරිකානු ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටයි.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් සඳහා මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් එහිදී තීරණය වී තිබෙනවා.

විදේශිකයෙකු මෙරටට ඇතුළු වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *