තරුණියක් ඇගේ සුරතලත් සමග අනතුරකින් ජීවිතක්ෂයට

කෑගල්ල මංගල ගම ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ හැපී සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

මියගිය තරුණිය 26 හැවිදිරි රඹුක්කන ප්‍රදේශයේ තරුණියක් බවයි වාර්තා වන්නේ.

එම අනතුරින් ඇයගේ සුරතලා ද ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍ය පීඨයේ ඉගනුම ලැබූ සිසුවියක් වන අතර, තවත් නොබෝ දිනකින් උපාධිය සම්පූර්ණ කිරීමට සූදානම්ව සිටි සිසුවියක් බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *