තලතගේන් හිස් උන මන්ත්‍රී ධූරයට මොකද වෙන්නෙ?

සමගි ජනබලවෙිිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා බලන්ගොඩ ආසනයේ සංවිධායක තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු මංත්‍රි ධුරයෙන් ඉවත් විමත් සමග සමගි ජනබල වෙිගයේ බලන්ගොඩ හිටපු පලාත් පාලන සභාපතිවරැ ඇතුළු නියෝජිතයින් ඊයේ (21) සවස හදිසි සාකච්ඡාවක් කැදවා තිබුණ අතර එහිදී ඔවුන් ඒකමතිකව තිරණය කර සිටියේ තමන් සමගි ජනබලවෙිගය හැර නොයන බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන බවත්ය.Sri Lanka Latest News

එම අවස්ථාවට බලන්ගොඩ නගරසභවෙි හිටපු සභාපති ( සජබෙ) එමි.ටි. රෑමි ඇතුළු නාගරික මංත්‍රි කණ්ඩායම ,බලන්ගොඩ ප්‍රදේශිය සභාපති හිටපු සභාපති ( සජබෙ) එමි.පිි. රත්නසිරි ඇතුළු හිටපු මංත්‍රි කණ්ඩායම සහ ඉඹුල්පේ ප්‍රදේශිය සභවෙි සුරංග මැණික් (සජබෙ) ඇතුළු හිටපු මංත්‍රි කණ්ඩායම නියෝජනය කරමින් සියයකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

ඔවුහු ඉහලට අත් ඔසවා ප්‍රතිඥා ලබා දෙමින් එහිදී කියා සිටියේ තමන් සියළුම දෙනා ඉදිරියටත් සමගි ජනබලවෙිගය සමග සිටින බවයි.

පසුව හිටපු සභාපතිවරැ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තලතා අතුකෝරල මහත්මිය ඉවත් විම බලන්ගොඩ ආසනයට ගැටලුවක් නොමැති බවයි.

එතුමිය ඉවත්විම පක්ෂයට සුභ ලකුක් මිස අවාසියක් නොවන බවද කිය. මින් ඉදිරියට බලන්ගොඩ නායකයෙකු සංවිධායක ලෙස පත්කර ගැනිමට කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතාට බලන්ගොඩ ආසනයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙන බවද එහිදී වැඩිදුරටත් ඔවුන් පැවැසීය.(නගරසභවෙි හිටපු සභාපති එමි.ටි.රෑමි /බලන්ගොඩ ප්‍රදේශිය සභාපති හිටපු සභාපති එමි.පි. රත්නසිරි / ඉඹුල්පේ ප්‍රදේශිය සභා මංත්‍රි සුරංග මැණික් )

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *