තායිවාන බැංකු කොල්ලයේ නඩුව ලබන වසරට කල් යයි

සයිබර් ප්‍රහාරයක් සිදු කර තායිවානයේ ප්‍රසිද්ධ බැංකුවකින් ඇමරිකානු ඩොලර් මිලියන 2.104ක මුදලක් බැංකු පරිඝණක දත්ත මගින් සොරකම් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව 2025 වසරේ පෙබරවාරි මස 19 වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (07) නියෝග කළා.

එම සිද්ධියේ දෙවන සැකකරු වන ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ වෛද්‍ය ප්‍රතිකාර සදහා විදේශ ගතවී ඇති නමුත් ඔහු මෙතෙක් දිවයිනට පැමිණ නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියා.

එහිදී අදහස් දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ සැකකරුගෙන් තවදුරටත් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි.

එමෙන්ම මේ සිද්ධියේ තෙවන සැකකාර ලලින්ද්‍ර සිල්වා යන අයට ඉදිරි නඩු දිනය සදහා විදේශ ගත වීමට කළ ඉල්ලීමට අවසර ලැබි තිබෙනවා.

රක්ෂිත භාර ගත කර ඇප මත නිදහස් කර සිටින ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ අධිකරණයේ පෙනී නොසිටි අතර ඇප මත මුදා හැර ඇති ජනක චමින්ද නම්මුණි,චුලපාල ලලින්ද්‍ර සිල්වා සහ බන්දුල වීරවර්ධන යන තිදෙනා අද අධීකරණයේ පෙනි සිටියේය.

සිද්ධියට අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ප්‍රගතිය වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කර තිබෙනවා.

විත්තකරුවන් වෙනුවෙන් නිතිඥ ජීවන්ත ජයතිලක, නිරෝෂන් සිර්වර්ධන ඇතුළු නීතිඥ මඩුල්ලක් අධිකරණයේ පෙනි සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *