තාරුණ්‍යට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කරනවා

තාරුණ්‍යට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්ථනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැළැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සර උත්සවය පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්.

විද්‍යාලයීය සංවත්සරයට සමගාමී පවත්වනු ලබන X-ban 2024 අධ්‍යාපන විද්‍යා තාක්ෂණ හා වෙළෙඳ ප්‍රදර්ශනයද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු අතර අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යයින්ට තිළිණ සහ සහතිකපත් ප්‍රදානයද සිදුකෙරුණේ ජානාධිපතිවරයා අතින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *