තැපැල් ඡන්ද අයදුම්පත් කාලසීමාව ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කර ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළා.

ඒ අනුව කළින් සඳහන් කළ පරිදි එම කටයුතු ලබන සඳුදා අවසන් කෙරෙන බවයි එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

තැපැල් ඡන්දදායකයන්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන මේ දිනවල අදාළ රාජ්‍ය කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙනවා.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය වන ලබන සඳුදා හෝ එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුයි.

ඊට පසු ලැබෙන අයදුම්පත්‍ර සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන අතර අවසන් දිනයේදී අයදුම්පත්‍ර තැපෑලට භාර දීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනීම සඳහා හේතුවක් නොවන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර විශේෂ සාකච්ඡාවක් මේ පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදියි.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ ඊට අදාළව පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබදව සාකච්ඡා කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස් නිළධාරීන් සඳහා වූ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

එමෙන්ම සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්, සාකච්ඡාවක් සඳහා හෙට පෙරවරු 9.30 ට මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මොහොතක මැතිවරණ නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සහ ජනාධිපතිවරණයේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබදව මෙහිදී දැනුවත් කෙරෙනු ඇති.

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් සභා ලේකම්වරුන්ද ලබන අඟහරුවාදා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට කැදවා ඇත්තේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්දීම සදහායි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *