තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත රැගෙන යයි

මෙවර ජනාධිපතිවරණය සඳහා සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත රැගෙන යාම ආරම්භ කොට තිබෙනවා.

විශේෂ ආරක්ෂාවක් යටතේ එම කටයුතු සිදුවන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

තැපැල් ඡන්ද භාවිතා කිරීම ඉහළ අගයක පැවතුන බවයි වාර්තා වන්නේ.

ඒ අනූව මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබූ දින 3ක කාළය අදින් අවසන් වුණා.

එම ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සැප්තැම්බර් මස (04), (05) සහ අද (06) යන දිනයන් වෙන්කර තිබුණා.

අදාළ දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.

ඒ තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *