තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 98 මට්ටමේ

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද හිමියන්ගෙන් සියයට 98ක් පමණ ඡන්දය භාවිත කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ සඳහන් කළේ ඉන් වැඩි ප්‍රමාණයක් මේ වන විට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත භාර දී ඇති බවයි.

මේ අතර මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 3,223ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

එමෙන්ම ජාතික ජන බලවේගයේ භික්ෂු පෙරමුණ අද කළු‍තරදී සංවිධාන කර තිබූ පාගමනක් වැළැක්වීමට පොලිසිය කටයුතු කරනු ලැබුවා.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යෙදී ඇති ලබන ඉරිදා උදෑසන 9 යි 30 ත් දහවල් 12 යි 15 අතර කාලයේ මැතිවරණ ප්‍රචාරණ රැස්වීම්, පෙළපාලි ආදිය පැවැත්වීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අපේක්ෂකයින්ගෙන් සහ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *