තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි 05ක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරනවා.
මෙම ව්‍යාජ වෙබ් අඩවි තුළට පිවිස මුදල් වංචා කළ සිද්ධින් 35ක් අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම, දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගණුදෙනුකරුවන් වෙත යැවීමක් සිදුකර නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.