තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තරුණයකු ජීවිතක්ෂයට

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලැබූ තරුණයකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හක්මන පොලිස් කෝංගල මධ්‍යම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් වන තරුණයෙක්.

මියගිය තරුණයා සහ බාප්පා අතර කලක සිට පැවැති ආරවුලක් මුල් කරගෙන ඇති වූ ගැටුමක් හේතුවෙන් බාප්පා විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි සඳහන් වන්නේ.

එම අවස්ථාවේදී බරපතල තුවාල ලැබූ තරුණයා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම සිදුවීමත් සමඟ කළහකාරී වූ ප්‍රදේශවාසීන් විසින් බතලවත්ත වොලිබෝල් ක්‍රීඩංගණය අසල පිහිටි සැකකරුගේ නිවසට සහ දේපලවලට දැඩි ලෙස හානි සිදුකර ඇත බවයි.

කෙසේ වෙතත් අදාළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට හක්මන පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *