තිරප්පනේ පාසැලක සිසුන් 21ක් හදිසියේ රෝහල් ගත කෙරේ

හදිසියේ ඇති වූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් තිරප්පනේ ප්‍රදේශයේ පාසැලක සිසුන් 21 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ තිරප්පනය ඇතුන්ගම ගැමුණු විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුව ලබන සිසුන් පිරිසක්.

වීදුරුවලින් ආවරණය කළ පංති කාමරය තුල එම සිසුන් ආහාර ගැනීම සිදු කර ඇති අතර, ඉන් අනතුරුව සිසුන්ගේ ඇඟ කැසීමේ තත්ත්වයක් මතුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රෝහල් ගතකර ඇති සිසුන් 21 දෙනා අතරින් 06 දෙනෙකුගේ ශරීරයේ පලු දැමීහා බිබිලි මතුවීම සිදුව ඇති බවත් වාර්තා වෙනවා.

සෞඛ්‍ය අංශ අනුමාන කරනුයේ ආවරණය කර තිබූ පංති කාමරයේ තිබූ දූවිල්ල හෝ වෙනත් තත්වයක් මත එම සිසුන්ට මෙම ආසාත්මිකතාවය ඇති වන්නට ඇති බවයි.

සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ ප්‍රකාශකයකු සඳහන් කලේ වීදුරුවලින් ආවරණය කරන ලද පංති කාමරයක ආහාර ගත් සිසුන් අතර මෙම තත්ත්වය මතුව ඇති බවයි.

එසේම ආහාර ගැනීමෙන් පසුව සිසුන් අතර මෙම තත්වය මතුව තිබීම නිසා මෙම තත්වය කිසියම් ආඝ්‍රාහණයකින් සිදුවූයේද නැතිනම් ආහාර හේතුවෙන් සිදු වූයේ ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි.

අද දිනයේ සිසුන් 80කට ආසන්න පිරිසකට මෙලෙස පාසැලෙන් ආහාර ලබා දී තිබූ බවත් ඒ අතරින් සිසුන් 21 දෙනෙකු මෙම ආසාත්මිකතාවයට ලක්ව ඇති බවත් හදුනාගෙන ඇති බැවින් වැඩිදුර විමර්ශණය සඳහා පාසැලෙන් සිසුන්ට ලබා දී තිබූ ආහාරවල සාම්පල ද ලබා ගැනීමට කටයුතු කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

ආසාත්මිකතාවයට ලක්වූ එම සිසුන් ප්‍රතිකාර සඳහා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *