තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ රට විය යුතුයි

2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (06) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමින්.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වාණිජමය ආයෝජන හරහා ගෝලීය මූල්‍ය පහසුකම් ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වන බව.

එමෙන්ම වැවිලි ක්ෂේත්‍රය වතු ව්‍යාපාරවල සිට කෘෂි ව්‍යාපාර දක්වා පරිවර්තනය කිරීම, තිරසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම හා ඩිජිටල්කරණය ඒ වෙනුවෙන් ක්‍රියාවට නංවා තිබෙන ප්‍රධාන වැඩසටහන් බව ජනාධිපතිවරයා කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ “ මෙම ගෝලීය සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ අක්කර 600ක ප්‍රදේශයක ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදන කටයුතු ලබන වසර මුල වන විට සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. වාණිජ ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් කාබන් අවශෝෂණය සඳහා නිවර්තන කලාප සහ ඉන්දියන් සාගරය යොදාගැනීම සඳහා නිවර්තන කලාප මුලපිරීම ඉදිරිපත් කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලමින් සහ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා.මේ සඳහා වාණිජමය ආයෝජන හරහා ගෝලීය මූල්‍ය පහසුකම් ආකර්ෂණය කරගැනීමට අප බලපොරොත්තු වෙනවා. වැවිලි කර්මාන්තයේ පවතින වතු ව්‍යාපාරවල සිට කෘෂි ව්‍යාපාර දක්වා පරිවර්තනය වීම, තිරසාර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම හා ඩිජිටල්කරණය ඒ තුළ ප්‍රධාන අරමුණු බවට පත්වෙනවා. මීට අමතරව, තාක්ෂණික අධ්‍යාපනය සහ නවෝත්පාදනය සඳහා සහාය වීම සඳහා නව තාක්ෂණික විශ්වවිද්‍යාල හතරක් ස්ථාපිත කිරීමට ද කටයුතු සිදු කෙරෙමින් පවතිනවා යැයි ජනාධිපතියවරයා වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *