දන්නා භාෂාවකින් විවාදයට සූදානම් බව විපක්ෂ නායක කියයි

දන්නා භාෂාවකින් වාද විවාද කිරීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ, සක්වළ වැඩසටහනේ 154 වැනි අදියර යටතේ තණමල්විල, කෙත්සිරිගම කනිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

රටට වැඩ කරන සහ කයිවාරු ගසන නායකයා කවුරුන්ද යන්න පිළිබදව විවාදයෙන් අනතුරුව ජනතාව අවබෝධ කර ගනු ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *