දමිතට ලැබේන තීන්දුව මොකක් වෙයිද

2022 වසරේ ජූලි මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට අරගලකරුවෙක්  අයුතු ඇතුළු වීමක් කළ සිද්ධියේ ඇප මත මුදා හැර ඇති  ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න  ඇතුළු කාන්තාවන් තිදෙනාගේ  රුධිර සාම්පල ඩී එන් ඒ පරීක්ෂණයක් සදහා ලබන 27 රජයේ අධිකරණ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් යොමු වන ලෙස  ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද 26  නියෝග කළාය.
පසුගිය මාර්තු මාසයේ ඇය ඇතුළු කාන්තාවන් තිදෙනෙකුට එහි යන ලෙස පූර්වගාමී විනිසුරුවරයා කළ නියෝග ප්‍රකාරව ඇය එහි පෙනී සිට නැතැයි කොළඹ උතුර අපරාධ කොට්ඨාශය කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරිය මේ නියෝගය සිදු කළාය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී හමු වූ  සනීපාරක්ෂක තුවා හය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට රුධිර සාම්පල ලබා දෙන ලෙස සැකකාරියන් තිදෙනාට නියෝග කරන ලෙස කොළඹ උතුර අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් පසුගිය දිනයේ ඉල්ලිම් කොන් අවස්ථාවේ දමිතා අබේරත්න වෙනත් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව ගතව සිටි බව නීතිඥ තිළිණ වීරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේය.

පෙර දින මෙලෙස නියෝග නිකුත් කෙරුණේ දමිතා අබේරත්න, නෝනා මුරින් සහ සචිනි කෞශල්‍යා යන කාන්තාවන් තිදෙනාට වේ.
මේ නඩුවේ 17 සැකකරු ඇප මත මුදා හැර ඇති කොස්වතේ මහානාම හිමි සිවුරු හැර ඇති බවත් ගිහි නම ගිහාන් දුමින්ද අමරසිරි ලෙස නඩු ගොනුවක් ඇතුළත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අප මත මුදා හැර ඇති  අධිකරණයේ පෙනී නොසිටි හයවන සැකකරුට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් ට නොතිසි නිකුත් කළේය.

මේ නඩුවේ ඇප මත මුදා හැර ඇති සැකකරුවන් වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා , දුමින්ද නාගමුව, ජෝසප් ස්ටාලින්, වසන්ත සමරසිංහ,දමිතා අබේරත්න, වසන්ත මුදලිගේ,මංගල පුෂ්පකුමාර, ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු ඇප මත මුදා හැර ඇති සැකකරුවන් 41 දෙනෙක් අධිකරණයේ පෙනී සිටියේය.

නීතිපති උපදෙස් සදහා ලබන දෙසැම්බර් මස 13 යළි කැඳවන ලෙස  කොටුව මහේස්ත්‍රාත් වරිය  නියෝග කළාය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *