දඹුල්ල Aura – දඹුල්ල Thunders වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් දඹුල්ල ෆ්‍රැන්චයිස්හි නව හිමිකරුවන් ලෙස ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමූහය ගිවිසුම්ගත වී තිබෙනවා.

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ දඹුල්ල Aura කණ්ඩායම බංග්ලාදේශයේ ව්‍යවසායකයින් වන Tamim Rahman සහ Golam Rakibගේ නායකත්වයෙන් යුත් ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමූහයේ (ISG) නව හිමිකාරිත්වය යටතේ දඹුල්ල Thunders ලෙස සන්නාමගත වී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ Imperial Sports Group හි සම-නිර්මාතෘ Tamim Rahman සඳහන් කළේ, “අපි ලංකා ප්‍රිමියර් ලීග් සමඟ එක්වීමෙන් අපගේ මූලික මෙහෙවර ලෙස ලොව පුරා ක්‍රිකට් ලෝලීන් ආකර්ෂණය කරගන්නා, ආත්මය, දක්ෂතාවය සහ ක්‍රීඩාශීලිත්වය විදහා දක්වන කණ්ඩායමක් ගොඩනැගීම” බවයි.

එමෙන්ම සම-නිර්මාතෘ Golam Rakib, ඔවුන්ගේ උපායමාර්ගික ඉලක්ක ගෙනහැර දක්වමින් සඳහන් කළේ “දඹුල්ල තන්ඩර්ස් සඳහා අපගේ දැක්ම ඉහළම මට්ටමේ තරඟ කිරීමට ඔබ්බට ගොස් දේශීය දක්ෂතා පෝෂණය කිරීමට සහ ශ්‍රී ලාංකීය ප්‍රජාවට ධනාත්මක මෙන්ම කල්පවත්නා බලපෑමක් ඇති කිරීමට අපි කැපවී සිටිනවා” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 තරඟාවලිය වන Lanka Premier League 2024, 2024 ජූලි 01 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *