දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට ආහාර ගබඩා වටලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩා කර ඇති බවට ලද පැමිණිලිවලට අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි පෞද්ගලික ගබඩා රැසක් ඊයේ (08) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරික්ෂාවට ලක් කළා.

එහිදී උත්සව සමය ඉලක්ක කරගනිමින් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු තොගයක් සහ නිෂ්පාදිත ආයතනය හා කල් ඉකුත්වීමේ දින සටහන් නොකළ තවත් භාණ්ඩ තොගයක් අදාළ ගබඩාවල තිබී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගෙන තිබෙනවා.

එසේම ගබඩාවල සේවකයන් ඉතා අපිරිසිදු ආකාරයෙන් කටයුතු කරන බවට ජනතාවගෙන් පැමිණිලි ද ලැබී තිබුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ වැටලීමේදී ගබඩා හිමිකරුවන් සහ ඊට එක් වූ නිලධාරීන් අතර, එහිදී සංවාදාත්මක තත්ත්වයක් ඇති වූ බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *