දැන් ඒ දොර වැහිලා!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ කැපී පෙනෙන දස්කම් පෙන්වමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක සුනිල් නරයන් (Sunil Narine) එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී නැවත වතාවක් සිය කණ්ඩායම සමග එක්වනවා ද යන්න පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔහු මේ දිනවල දක්වමින් සිටිනා දස්කම් මධ්‍යයේ, විශ්‍රාම ගෙන සිටින නරායන් ඊට පිළිතුරු දී ඇත්තේ, “ඒ දොර දැන් වැසී” ඇත යනුවෙන්.

ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඔහුගේ පැමිණීම යළි බලාපොරොත්තුවෙන් සිටියත්, නරායන් එම බලාපොරොත්තුව සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව සහ ස්තුතිය පමණක් පළ කරන්නේ, නැවත වතාවක් බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග එක් වීමේ අදහසක් නැති බව ස්ථිර කරමින්.

ඉකුත් 2019 වසරෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින නරයන්, 2023 වසරේ දී සිය විශ්‍රාම යෑම නිවේදනය කළා.

කෙසේ නමුත් ක්‍රියාත්මක වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවාරය තුළ පන්දුවෙන් මෙන් ම පිත්තෙන් දස්කම් දක්වමින් සිටින 35 හැවිරිදි නරයන්, ඉකුත් සතියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 56ක දී නොදැවී ලකුණු 109ක් රැස් කිරීමට සමත් වුණේ, ඔහුගේ මංගල විස්සයි විස්ස ශතකය ද සමගින්.

මේ අතර නරයන් යනු සුපිරි බොලිවුඩ් නලු ශා රුක් ඛාන්ගේ හිමිකාරිත්වයෙන් යුතු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු බිඳ හෙලූ ක්‍රීඩකයා වන අතර ඔහු ඉනිම 177ක දී කඩුලු 190ක් දවාගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *