දැරියට දණගස්වා පහර දුන් සුලු මව අත්අඩංගුවට

13 හැවිරිදි දැරියකට දණගස්සවා බරපතල ලෙස පහරදීමේ සිද්ධියට අදාලව ඇගේ සුලු මව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පහරදීම සමාජ මාධ්‍ය ඔසුසේ සංසරණය වූ අතර ඊට අදාලවයි පොලිසිය විමර්ශනය කොට ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් මෙම කාන්තාව මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදිවියේ පසුවන තැනැත්තියක වන බවයි පොලිසිය සදහන් කළේ.

පහරකෑමට ලක්වූ දැරියගේ මව පියාගෙන් වෙන්ව මේ වන විට විදෙස් රටක සේවයට ගොස් ඇති අතර පියා වෙනත් විවාහයක් කරගෙන තිබෙනවා.

එම කාන්තාව විසින් ඇයට පහර දී ඇති අතර දැරිය ප්‍රතිකාර සඳහා වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *