දික්වූ වාරනය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල අද (29) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

එහිදී අදාළ වාරණ නියෝගය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

හිටපු ජනාධිපතිනිය සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවයි.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන අදාළ තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *