දිනෙන් දින ඉහළ යන ජනපතිවරණ පැමිණිලි

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 2095ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 811 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1,284 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

මෙම පැමිණිලි වලින් 2,023ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර, ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ගෙවුණු පැය 24 තුළදී පැමිණිලි 132ක් ලැබී තිබෙනවා.

ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 35ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 97ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *